විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසාදමයි

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසාදමයි

රට තුළ ඇමරිකානු ඩොලර් ඉතිරි කිරීමට ගන්නා පියවරක් ලෙස විදෙස් දූත කාර්යාල තුනක් වසා දැමීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ, ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, නයිජීරියාවේ තානාපති කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියමිත බවයි.

ඒ අනුව ෆ්‍රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලයේ කටයුතු බර්ලිනයට ගෙන යන අතර, පවතින තත්ත්වය මත නයිජීරියාවේ හා සයිප්‍රසයේ කාර්යාල වසා දමනු ඇත.

“මේක අනිත් සේරම අමාත්‍යාංශ සිදුකරනවා වගේ වියදම් කපා හැරීම සඳහා කරන ක්‍රියාවලියේ කොටසක් යනුවෙන් ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පවසයි.