මෙක්සිකෝවේ නිළියකට ප්‍රසිද්ධියේ වෙඩි තබයි

මෙක්සිකෝවේ නිළියකට ප්‍රසිද්ධියේ වෙඩි තබයි

ටානියා මෙන්ඩෝසා නැමැති නිළිය තම පුතා එනතුරු ක්‍රීඩා සංකීර්ණයක් අසළ බලා සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය මෙක්සිකානු නිළියක් සහ ගායිකාවක් වන අතර මොරෙලෝස් ප්‍රාන්තයේ පාපන්දු ඇකඩමියකින් තම 11 හැවිරිදි පුතා රැගෙන යාමට බලා සිටියදී මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඇය ඝාතනය කිරීම සඳහා පැමිණෙන විට ටානියා මෙන්ඩෝසා අනෙක් දෙමව්පියන් සමඟ කුවර්නාවාකා නගරයේ ක්‍රීඩා සංකීර්ණයෙන් පිටත රැඳී සිට තිබෙනවා

42 හැවිරිදි මෙන්ඩෝසා 2005 දී La Mera Reyna del Sur චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් පසුව ප්‍රසිද්ධියට පත්ව තිබෙන බවත් මෑත වසරවලදී ගායිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් ඇල්බම් පහක්ද පටිගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

https://bit.ly/33HWFAp