සිරිපා වදින්න යන්න එන්නත් කාඩ් එක අරන් යන්න

සිරිපා වදින්න යන්න එන්නත් කාඩ් එක අරන් යන්න

සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත.

එමෙන්ම සියලු බැතිමතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුව ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි

සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරේ මැයි මස 16 සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ