මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් ගත් තීරණය

මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් ගත් තීරණය

අද සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසය අවසාන වන තෙක්ම පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ (15 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගිවිය හැකි වන්නේ දෙසීය දෙනකුට පමණි. එළිමහනේ පැවැත්වෙන උත්සවයක් සඳහා දෙසිය පනස්දෙනකුට සහභාගි වීමේ හැකියාව පවතියි.

උත්සව අවස්ථාවලදී මත්පැන් පානය කිරීම තහනම් කර ඇත. නිවසින් බැහැරට යායුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බව ද එම මාර්ගෝපදේශවල සඳහන් වෙයි.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකිය.

අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකි වන්නේ එක් අවස්ථාවකදී විසිදෙනකුට පමණක් වන අතර කොවිඩ් නොවන මරණයක් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය.

එසේම වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත ලබා ගත හැකි බවත් රට විවෘත කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.