පළාත් පාලන මැතිවරණය වසරකින් කල් යයි – මැතිවරණයක් කල් දාන එක ආණ්ඩුවක් විදිහට අවාසියි

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් යයි – මැතිවරණයක් කල් දාන එක ආණ්ඩුවක් විදිහට අවාසියි

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළා.

කෙසේ වෙතත්, අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැහැ.

2017 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින්ගේ ධූර කාලය ලබන පෙබරවාරි මාසයේදී අවසන් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ආයතනය විසින් පවත්වනු ලැබූ වැඩසටහනකදී අමාත්‍යවරයා පැවසුවේ “2015 දි 7.6 ක ආර්ථිකයක් පැවැති රටේ, 2020 අප රජය ගන්නා විට 2.3 ක් දක්වා පහත වැටි තිබුණා. ඒ එක්කම අපිට කොවිඩ් තත්තවයට මුහුණු දුන්නා. ලෝකයේ අනික් රටවල් හා සංසන්දනය කරන විට අපි ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. කොඩිඩ් තත්වයෙන් පසු රටේ තත්වය හොඳ පැත්තට ගන්න ජනාධිපති, අගමැති, මුදල් ඇමති ඇතුළු සියලු දෙනා විශාල කැප කිරිමක් කරනවා. විපක්ෂය ඒ ගැන කතා කරන්නේ නැහැ” යනුවෙන්.

“පළාත් සභා මැතිවරණය කල් දැමීමේ කැබිනට් පත්‍රිකාව සකස් කර අත්සන් කර කැබිනට් මණ්ඩලය වෙත යැව්වා. කැබිනට් එකේ අනුමැතියත් සමඟ මැතිවරණ කොමිසම වෙත යවන්න අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරනවා. වසරකින් කල් දැම්මත් වසරක්ම කල් යන්නේ නැතිව මැතිවරණය පැවැත්වීමටයි රජයේ අදහස. මැතිවරණයක් කල් දාන එක ආණ්ඩුවක් විදිහට අවාසියි” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා තිබුණා.