මිනිසා ඉරෙනුත් ගේම ඉල්ලයි (වීඩියෝ)

මිනිසා ඉරෙනුත් ගේම ඉල්ලයි                      (වීඩියෝ)

ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ.

කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු වූයේ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නමැති අභ්‍යාවකාශ යානයය.

මෙතෙක් ගගනගාමීන් සේම අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේද කුතුහලයට බඳුන්ව තිබූ සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක නිරත වීම මෙම යානයෙන් අරමුණු කර තිබේ. සූර්යයා පිළිබඳ බොහෝ කාරුණු එමගින් හෙළි කරගනු ඇති බව විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවය.

මෙය මිනිසා පළමු වරට සඳ මත පා තැබීම හා සමාන ඓතිහාසික වැදගත් කමකින් යුතු සිද්ධියක් බව නාසා ආයතනය පවසයි.

https://bit.ly/326lWmO