අපේ රටේ සටන් කරුවන් දෙදෙනෙක් ප්‍රධාන පෙළේ සටන් ශූරතාවකට සැරසෙයි

අපේ රටේ සටන් කරුවන් දෙදෙනෙක් ප්‍රධාන පෙළේ සටන් ශූරතාවකට සැරසෙයි

එළැඹෙන ජනවාරි 8 වැනිදා තායිලන්තයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ සටන් ශූරතාවක් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුට තරග වැදීමේ අවස්ථාව උදා වී තිබේ. ඒ මලින්ද අමරසිංහ සහ අජ්මාල් යකුබ් යන ක්‍රීඩකයන්ටය.

මිශ්‍ර සටන් කළා ක්‍රීඩකයන් දෙදෙනකු වන මලින්ද සහ අජ්මාල් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිශ්‍ර සටන් කලා වෘත්තීයමය ක්‍රීඩකයන් දෙදෙනකු වේ.

එම තරගයේදී ශ්‍රී ලංකාවේ අජ්මාල් යකුබ් තායිලන්තයේ සයිමොන් සමගින් තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මාලින්ද පිලිපීනයේ රොකී බැක්ටෝල් සමගින් තරග වැදීමට නියමිතය.

මෙම ශූරතාවේ ප්‍රධාන තරගය රොකී සහ මාලින්දගේ සටන වන අතර ඊට අමතරව ඇමරිකාවේ සැමුවෙල් ඇලෙක්සැන්ඩර්, මැකොවෝහි නිකෝ චෑන් සමගින් සහ ඇමරිකාවේ කොල්ටන් කිල්බසා, එක්සත් රාජධානියේ ජේ.ජේ. ජෝන්ස් සමගින් තරග වැදීමට සූදානමින් සිටී.