මෝල්ටාව වයින් කරන්න කංසා නීතිගත කරයි

මෝල්ටාව වයින් කරන්න කංසා නීතිගත කරයි

නිවාසවල සහ පුද්ගලික භාවිතය සඳහා කංසා නිතීගත කළ යුරෝපීය සංගමයේ පළමු රට බවට මෝල්ටාව පත්ව තිබෙනවා.

මෙම නව නිතීයට ඊයේ දිනයේ දී අනුමැතිය හිමිවු අතර නව නිතීය මගින් එරට පුරවැසියන්ට සිමීත කංසා ප්‍රමාණයක් වගා කිරීමට සහ ළඟ තබා ගැනීමට හැකියාව උදා වනවා.

නව නිතීය යටතේ එරට සිටින වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුරවැසියන්ට කංසා ග්‍රෑම් 7ක් ළඟ තබා ගත හැකියි.

නිවසේ කංසා පැළ 4ක් දක්වා වගා කිරීමටත් හැකියාව උදාවනවා. පනත් කෙටුම්පත සම්මත කිරීමට අග්‍රාමාත්‍ය රොබට් අබේලාගේ සහාය හිමි වුණා.

එහෙත් විපක්ෂයේ ජාතිකවාදී පක්ෂය නව ප්‍රතිසංස්කරණය විවේචනය කරනවා. මෙමඟින් රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යන බවයි ඔවුන් කියා සිටින්නේ.

මෝල්ටාවේ ජනාධිපති ජෝර්ජ් වෙල්ලා මෙම සති අන්තයේ දී කංසා නීතිගත කරන පනත් කෙටුම්පත බලාත්මක කිරීමට නියමිතයි.

https://bit.ly/3206NUv