මහා “ඔටෝ මිරාජ්” මංකොල්ලය

මහා “ඔටෝ මිරාජ්” මංකොල්ලය

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක
පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි13 කට අධික මුදලක්
වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කළ අඹු – සැමි යුවලක් ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14 ) නියෝග කළේය.

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු පසුගිය (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔටෝ මිරාජ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ N. චන්ද්‍රමෝහන් සහ ඔහුගේ බිරිඳ සියුලින් කාවෝ යන අය විසින් ආසන්න වශයෙන් මිලියන 300 – 400ක් අතර වංචාවක් සිදු කර ඇතී බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා

දින ගණනාවක කළ මෙහෙයුමකින් පසු මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුයට ගෙන තිබුණා.