ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන සමාගමෙන් ප්‍රකාශයක්

ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන සමාගමෙන් ප්‍රකාශයක්

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී පසුගිය තුන්වනදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මාසික වැටුප සෑම මසකම 5 වනදා වන විට ගිණුම්ගත කිරීමට අදාළ සමාග එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසා ඇත.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරමින්.