ගෝරියකට පාර හැදෙයි , කෝලිට යන්න කියයි

ගෝරියකට පාර  හැදෙයි , කෝලිට යන්න කියයි

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමෙන් විරාත් කෝලි ඉවත් කිරිමෙන් පසු යම් මතභේදාත්මක තත්ත්වයක් ඉන්දීය ක්‍රිකට් තුළ මතුව තිබෙනවා.

මේ පසුබිම තුළ අද විරාත් කෝලි ඉන්දියාවේදි මාධ්‍ය හමුවකට සහභාගි වුනා.

මෙහිදි විරාත් කෝලි පැවසුවේ තමන් දකුණු අප්‍රිකානු එක්දින තරග ක්‍රීඩා කිරීමට සුදානම් බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට පැය එකහමාරකට කලින් තමන් එක්දින නායකත්වයෙන් ඉවත් කළ බව දැනුම් දුන් බවයි

තමන් හා රෝහිත් ෂර්මා ත් අතර කිසිදු ප්‍රශ්නයක් නැති බවද විරාත් මෙම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රශ්නයට පිළිතුරු දි තමා තෙහෙට්ටුවට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගංගුලි මීට පෙර පවසා තිබුනේ විරාත් කෝලි ට T20 නායකත්වයෙන් ඉවත් නොවන ලෙස තමන් ඉල්ලීමක් කළ බවයි.

කෙසේවෙතත් මෙම කාරණයට පරස්පර අදහසක් විරාත් අද පැවති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ තමන්ගෙන් කිසිදු කෙනෙකු එවැනි ඉල්ලීමක් නොකළ බවයි.

https://bit.ly/33xwfBa