කටාන ප්‍රාදේශීය සභාවේත් පොහොට්ටුව පර වෙලා

කටාන ප්‍රාදේශීය සභාවේත් පොහොට්ටුව පර වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරයක් හිමි කටාන ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යෝජනාව වැඩි ජන්ද 8කින් පරාජය වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්ද 17ක්‌ සහ විපක්ෂව ඡන්ද 25ක්‌ ලැබුණා.

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න සිල්වා මහතාගේ ප්‍රධානනත්වයෙන් අද (15) දින ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මහා සභා රැස්වීම පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

යෝජනාවට විරුද්ධව පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 15 දෙනෙක් සමග ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා සමග එක්සත් ජාතික පක්ෂයේ 5 දෙනෙකු සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කළා.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක්, පොදු පෙරමුණේ සිව්දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ පස්දෙනෙක් සහ ස්වාධීන එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කෙරුණා.