සීක්කුගේ වෙඩිමුරය , Chris gayle ව පසුකරයි.

සීක්කුගේ වෙඩිමුරය , Chris gayle ව පසුකරයි.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් 4 ට පැමිණීම වෙනුවෙන් වූ කරට කර සටනේදී ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අවසන් පන්දු 6 දී ජයග්‍රහණය සඳහා ලකුණු 15 ක් අවශ්‍ය විය. ළහිරු කුමාර විසින් යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට මුහුණ දුන් රදර්ෆර්ඩ් පා ලකුණකින් පැති මාරු කරගත් බැවින් සියළු වගකීම් ප්‍රසන්න කර මත පැටවිණි.

ස්ටාර්ස් පිතිකරුවන් මෙල්ල කිරීම වෙනුවෙන් පළමු පන්දුවාර 19 දීම භාවිතා නොකළ ළහිරු කුමාරව අවසන් පන්දුවාරය යැවීම සඳහා වොරියර්ස් නායකයා යොදවා ගත් නමුත් බලාපොරොත්තු වූ යුතුකම ඉටු කිරීමට ඔහුට නොහැකි විය.

තරගය නිමා වීමට පෙර යවන ලද අවසන් පන්දු 3 ට ප්‍රසන්න එල්ල කරන ලද හයේ පහර 3 ළහිරු කුමාරට කිසිදා අමතක නොවනවා නොඅනුමානය. බවුන්සර් පන්දුවක් ලෙසින් පැමිණි පළමු පන්දුව ෆයින් ලෙග් කළාපයට ඉහළින්ද, ඊළඟ පන්දුව ස්කෙවයාර් ලෙග් කළාපයෙන්ද සහ තෙවැනි පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින්ද යැවූ ප්‍රසන්න, කැන්ඩි වොරියර්ස් පිල සතුව තිබූ ජයග්‍රහණය කලම්බු කිංග්ස් කණ්ඩායම වෙත රැගෙන ආවේ තවත් පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. කලම්බු ස්ටාර්ස් පිලේ තෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද මේ වන විට සමත්ව සිටියි.

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 146 යි (කෙනාර් ලුවිස් 62, චරිත් අසලංක 28, නිමේෂ් විමුක්ති 12, දුෂ්මන්ත චමීර 35/4, අශාන් ප්‍රියන්ජන් 21/1, සීකුගේ ප්‍රසන්න 31/1, රවී රාම්පෝල් 34/1, නවීන් උල් හක් 17/1, ධනංජය ද සිල්වා 04/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 150 යි – (දිනේෂ් චන්දිමාල් 44, සීකුගේ ප්‍රසන්න 32*, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 12, අශාන් ප්‍රියන්ජන් 15, තික්ෂිල ද සිල්ව 15, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 11/2, කමිඳු මෙන්ඩිස් 29/1, සචිඳු කොළමගේ 34/1, චරිත් අසලංක 14/1)