සිංහරාජයට ගිය කාන්තාවන් දෙදෙනෙක් අතුරුදන් – සොයා විශේෂ මෙහෙයුමක්

සිංහරාජයට ගිය කාන්තාවන් දෙදෙනෙක් අතුරුදන් – සොයා විශේෂ මෙහෙයුමක්

එනසාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ වයස අවුරුදු 39 සහ 40 වයස්වල කාන්තාවන් දෙදෙනකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

මෙම කාන්තාවන් දෙදෙනා පසුගිය 12 වැනි දා පෙරවරුවේ සිංහරාජ වනයට ගොස් තිබෙන අතර මේ වන විටත් නැවත නොපැමිණිම හේතුවෙන් සූරියකන්ද පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා

ඒ අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව අතුරුදන් වූ කාන්තාවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.