රටම සංවේදී කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

රටම සංවේදී  කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 20ක් අද වාර්තා වී තිබෙනවා

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,661ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම නව මරණ අතර වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් සිටින අතර ඒ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බව වාර්තා කර තිබේ.

එසේම 30ත් 59ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු ද මෙම මියගිය පිරිස අතර සිටින අතර 60ට වැඩි පුද්ගලයන් 16ක් මියගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ.