මාස 6කින් කිසිම මූල්‍ය ආයතනක් විගණනය කරලා නෑ – අජිත් නිවාඩ් කබ්රාල්ට අභියෝගයක් (වීඩියෝ)

මාස 6කින් කිසිම මූල්‍ය ආයතනක් විගණනය කරලා නෑ – අජිත් නිවාඩ් කබ්රාල්ට අභියෝගයක් (වීඩියෝ)

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය හමුවේදී එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය දැක්වූ අදහස්.

2021 ඔක්තෝබර් 6 දා චක්‍රලේඛයක් මහ බැංකුව විසින් ඉදිරිපත් කලා. අදාල ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න කියලා අදාල චක්‍රලේඛනයෙන් දැනුම් දී තිබුනා. නමුත් ලීසිං ආයතන තමන්ගේ බලය භාවිතා කරලා අත්තනෝමතික ලෙස වාහන හා දේපල අත් පත් කරගනිමින් සිටිනවා.

මහ බැංකුව ලබා දීපු සහන කාලය ලීසිං ආයතන ක්‍රියාත්මක කරන්නේ නෑ.,මම අජිත් නිවාඩ් කබ්රාල්ට අභියෝග කරනවා. තවම ලීසිං හා මූල්‍ය ආයතන නියාමනය කර නැහැ.

අද මේ රටේ මාරගයේ ගමන් කරන වාහන ලක්ෂ 5 ක ආදායම් බලපත්‍ර නැහැ.මොකද ඒක ලබා ගන්න අවශ්‍ය පොතේ කොපිය ලීසිං ආයතනය විසින් ලබා දෙන්නේ නෑ. රජය මේ ගැන අවධානය යොමුකරලා නැහැ.