උතුරුකරේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ…දඹුල්ල පරදා යාපනයට විශිෂ්ඨ ජයක්

උතුරුකරේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ…දඹුල්ල පරදා යාපනයට විශිෂ්ඨ ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර තරගය පහසුවෙන් ජය ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ඊයේ(13) හැකියාව ලැබුණා.

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් තම ලකුණු පුවරුවට එක්කරන්නට මහීෂ් තීක්ෂණ සහ චතුරංග ද සිල්වා ඉඩ ලබාදුන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා එක්ව දඹුල්ල ජයන්ට්ස් ඉනිමේ කඩුලු 07ක් දවා ගත්තා.

ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් ඉනිම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ ලකුණු 69කට සිමා වුණා.

ලකුණු 70ක පහසු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් පන්දුවාර 09යි පන්දු 02ක් තුළ අදාල ඉලක්කය පසුකර ගියා.

මෙම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තමන් සහභාගී වූ තරග 06න් තරග 05ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.