ආනයනය කළ ලිට්රෝ ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

ආනයනය කළ ලිට්රෝ ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් තරම් නොමැති බවට අනාවරණ වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව ලබන සතියේ නඩු මඟට පිවිසෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.