ලොව පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි

ලොව පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි

එක්සත් රාජධානියේ ඔමික්‍රෝන් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව එරට අගමැති බොරිස් ජොන්සන් මහතා පවසනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එය එරටින් වාර්තා වන පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය බවයි.

එමෙන්ම මෙය ලොව සිදු වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය ලෙසටද වාර්තා වනවා.

ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් අද නිවේදනය කළේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලන්ඩන් නගරය තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවයි.

https://bbc.in/3pPeKnf