මස්කෙළිය උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ගැටුමක් – උප සභාපති පහරකා රෝහලේ

මස්කෙළිය උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ගැටුමක් – උප සභාපති පහරකා රෝහලේ

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම අද (13) පැවති අවස්ථාවේ , එම සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදීපන් මහතාට , මන්ත්‍රීවරයෙකු විසින් වීදුරුවකින් හිසට පහර දී තුවාල සිදු කර තිබෙනවා.

උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ඇති වු ගැටුම නිසා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබීමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගෙන තිබෙනවා.

මස්කෙළිය ප්‍රාදේශිය සභා සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්විම පවත්වගෙන යද්දී මෙම පහරදීම සිදුව ඇත. ආණ්ඩු පක්ෂයේම මනත්‍රීවරයකු මෙම පහරදීම සිදු කර ඇත.

මස්කෙලිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකදී මෙම පහරදිම සිදු වූ බව පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ.