අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත.

අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත.

අවුරුදු 12ත් 15ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර අවුරුදු 16ත් 18ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.