අතුරුදන් වී සිටින දරුවන් දෙදෙනෙකු සොයා ගන්න පොලීසිය මහජන සහය පතයි.

අතුරුදන් වී සිටින දරුවන් දෙදෙනෙකු සොයා ගන්න පොලීසිය මහජන සහය පතයි.

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සහෝදරයන් දෙදෙනෙකු ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිස් මුලස්ථානය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම දරුවන් අවුරුදු 10ක් සහ 12 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් බවයි.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් වු ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

ළමුන් දෙදෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.