මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත් ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණවලින් නැරඹීමටත් අවස්ථාව උදාකර දීම මූලික අරමුණ බවයි නාගරික සංවර්ධන අමාත්‍යංශය කියා සිටියේ

ඉදිරි මාස 18 ඇතුළත මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.