පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට දඩුවම් දිය යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට දඩුවම් දිය යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්  කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්,විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බවත් ,  ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතලකම වෙනස් නොවන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (12)  මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.