හෙද සභා නිලවරණය අද

හෙද සභා නිලවරණය අද

ඉදිරි වසර 05 සඳහා ශ්‍රී ලංකා හෙද සභාවට සභිකයින් පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වෙනවා.

පෙරවරු හතේ සිට පස්වරු 04 දක්වා දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 32ක දී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

රෝහල් සහ හෙද විදුහල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර, කාණ්ඩ 04ක් යටතේ අපේක්ෂකයින් 27 දෙනෙකු මෙවර හෙද සභා නිලවරණයට ඉදිරිපත් ව සිටිනවා.

සියලු ඡන්ද පෙට්ටි කොළඹට රැගෙන ඒමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම දෙසැම්බර් 12 වැනි දා සිදු කිරීමට නියමිත යි.