රථ වාහන ආදායම් බලපත්‍ර ගන්න යන අයට විශේෂ නිවේදනයක්.

රථ වාහන ආදායම් බලපත්‍ර ගන්න යන අයට විශේෂ නිවේදනයක්.

දිවයින පුරා බිඳ වැටී තිබූ රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

එම පද්ධතිය වෙත පිවිසෙන පරිශීලකයින් සංඛ්‍යාව ඉහළ යෑම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවලින් පවසා ඇත්තේ.

දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000ක් පමණ පද්ධතියට පිවිසෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.