ප්‍රියන්තගේ පවුලේ අයට ශෝකය පළකරන්න ලංකාවට එනවා – ප්‍රියන්ත බේරගන්න දිවි නොතකා ක්‍රියාකළ මලික් අද්නාන්

ප්‍රියන්තගේ පවුලේ අයට ශෝකය පළකරන්න ලංකාවට එනවා – ප්‍රියන්ත බේරගන්න දිවි නොතකා ක්‍රියාකළ මලික් අද්නාන්

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පාකිස්ථානු ජාතිකයා මෙරට පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්විය යුතු බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ප්‍රකාශ කළා.

මේ අතර තමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් පුවත්පතකට ප්‍රකාශ කර තිඛෙනවා.

පාකිස්ථානයේදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීමට සිය ජීවිතය ද පරදුවට තබමින් පාකිස්ථාන ජාතික මලික් අද්නාන් මහතා ඉදිරිපත් වී තිබුණා.

https://bit.ly/3pN9RLt