දකුණේ ගැම්ම පරදවා නිලමෙලා ජයගනී

දකුණේ ගැම්ම පරදවා නිලමෙලා ජයගනී

LPL තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර පැවති තරගය ජයගැනීමට කැන්ඩි වොරියර්ස් අද (11) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 127ක් ලබා ගත්තේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 4ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.