ගයත්‍රී ගේ මිතුදම ගැන නයනා කිව්ව අපූරු කතාව.

ගයත්‍රී ගේ මිතුදම ගැන නයනා කිව්ව අපූරු කතාව.

මෙරට කලා ක්ෂේත්‍රයට විවිධ කාලවලදී නවකයින් රංගන කටයුතු සඳහා පිවිසුනත් එදා වගේම අදටත් ප්‍රේක්ෂකයා අතර තමන්ගේ ජනප්‍රියත්වය ඒ අයුරින්ම දිනාගැනීමට සමත් සුන්දර චරිතයක් නයනා කුමාරි යන නාමය මෙරට නොදන්නා කෙනෙකු නොමැති තරම්

ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මෙරට කලා ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළ නමක් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක් වනවා. කාලයකට පසු පුංචි තිරය තුළ ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වන අතර,

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වන දිවි තුරා ටෙලිනාට්‍යයේ විශාල් ගේ මව ලෙස ඇය චරිත නිරූපණය සිදු කරනු ලබනවා.

එදා වගේම අදටත් සුන්දර රංගනයන් ඉදිරිපත් කරනවා ඇය සැබැවින්ම නිහතමානී චරිතයක්. රංගන වෘත්තියට අමතරව රූපලාවණ්‍ය කටයුතු ද සිදු කරන ඇය සැලෝන් ක්ෂේත්‍රය තුළත් නමක් දිනාගන්න සමත් වූ රූපලාවණ්‍ය ශිල්පිනියක් වනවා.

එමෙන්ම ගයත්‍රි සහ නයනා දෙපළගේ මිතුදම පිළිබඳ බොහෝ බොහෝ දෙනා කතා බහට ලක්කරන්නට වුනා. පසුගිය කාලය පුරාවට ඔවුන් දෙදෙනාගේ මිතුදම වැඩිය දකින්නට ලැබුණේ නැහැ.

ගයත්‍රි සහ නයනා දෙපළ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ,රංගන ශිල්පී තුළ මෙන්ම පෞද්ගලිකව ද ඉතාමත් හොඳ මිතුරියන් දෙදෙනෙකු වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්

ඒ මිතු දම පිලිබඳ අදහස් දක්වමින් නයනා කුමාරි වැඩසටහනකදී තම අදහස් දක්වමින් කියා සිටියේ. අප දෙදෙනා අතර තරහක් නැති බවත් අවුරුදු කිහිපයක සිට යාළුකම හෙල්ලි හෙල්ලි තිබූ බවත් එයා එයාගෙ පාරේ ගිය බවත් තමන් තමන් පාරේ ගිය බවත් ඇරෙන්නට වෙන කිසිදු දෙයක් නොමැති බවත්.

ඊට අමතරව තව දුරටත් අදහස් දක්වමින් නයනා කුමාරි මහත්මිය පවසා සිටියේ ගයත්‍රිට එයාගෙ ගමන යන්නට දී තමන් තමන්ගේ ගමන ගිය බවයි.

කෙසේ නමුත් රංගන ශිල්පය තුළත්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුලත් නමක් දිනාගෙන සිටින මෙම ආදරණීය රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.