සටන් නළු කුමාර රණේපුර දිවිගමනට සමු දෙයි.

සටන් නළු කුමාර රණේපුර දිවිගමනට සමු දෙයි.

චිත්‍රපට, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.

කලු සුදු මල් සිනමා පටයෙන් සිනමාවට එක්වූ ඔහු තුෂාර (නව නිෂ්පාදනය ) ජොලි හලෝ, විශ්ම රාත්‍රිය, ධවල පවුර, රජ හොරු, උලත් එකයි පිලත් එකයි වැනි සිනමාපට රාශියක රංගනයෙන් දායක වුණා.

ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂනය කළ ජීවා ඔහු රගපෑ අවසන් සිනමාපටයයි. එහි රඟපාන අතරතුර අනතුරකට මුහුණ දුන් කුමාර රණේපුර වසර තුනකට අධික කාලයක් එක්තැන්ව ප්‍රතිකාර ලැබුවා.

එක් දියණියකගේ පියකු වන කුමාර රණේපුරගේ අවසන්කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.