යුගදනවි බලාගාර ගිවිසුම අනුර සභාගත කරයි.

යුගදනවි බලාගාර ගිවිසුම අනුර සභාගත කරයි.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය.

ඔහු මෙම ගිවිසුම ඉදිරිපත් කරමින් පැවසූවේ තමා මේ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින ගිවිසුම බවයි.

මේරටේ දේපළ අයිතිව ඇත්තේ මේරටේ මහජනතාවට බව පැවසූ දිසානායක මහතා මේ රටේ දේපළ හා මුදල් ඇමැතිවරයාට හෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරා නැති බවද පැවසුවේය.

ඒ නිසා මේ රටේ දේපළ පැවරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තිබෙන බවද ඔහු කීවේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය නොලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා රටේ මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගැනීමට තමා මෙම ගිවිසුම සභාගත කරන බවද සඳහන් කළේය.