ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ප්‍රදානයක්.

ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ප්‍රදානයක්.

පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය.

මුදල් පරිත්‍යාගවලට අමතරව ප්‍රියන්ත මහතාගේ එක් දරුවකු ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පරිත්‍යාග කිරීමට ද විපක්ෂනායකවරයා කටයුතු කරනු ලැබීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද විපක්ෂනායකවරයා එහිදී සහතික විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.