“නිම් හිම් ” දැන් දිවයින පුරා සිනමාහල්වලදි

“නිම් හිම් ” දැන් දිවයින පුරා සිනමාහල්වලදි

සනම් තේරී කසම් (Sanam Teri Kasam) හින්දි චිත්‍රපටය අනුසාරයෙන් නිපදවූ “නිම්හිම්” මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණයක්. සුපිරි අන්දරේට පසුව ඔහු නිර්මාණය කළ දෙවන චිත්‍රපටය වන්නේ මෙයයි. ධනවත් කෙළිලොල් තරුණයෙකු හා පෙමින් බැඳෙන අහිංසක තරුණියක වටා නිම්හිම් චිත්‍රපටයේ කතාව දිව යනවා.

මිලින්ද මඩුගල්ලේ සහ ගංඟු රොෂානා ප්‍රධාන රංගනයෙන් එක්වන මෙහි නිෂ්පාදනය Ama Films ආයතනයෙන් සිදු කර තිබෙනවා. ජනක් පේ‍්‍රමලාල්, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, ඩබ්ලිව්. ජයසිරි, රොෂාන් පිලපිටිය වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පීන් රැසක්ම නිම්හිම් චිත්‍රපටයේ උප චරිත තුළින් ප්‍රේක්ෂකයින්ට දැකගත හැකියි. පවුලේ සැමට නැරඹිය හැකි ආදරණීය කතා පුවතක් රැගත් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ සරත් වික්‍රම විසිනි.

නිම්හිම් සිනමාපටය දිවයින පුරා තිරගත වීම ඇරඹුණේ දෙසැම්බර් 09වනදා සිටයි.