ඉන්දීය හමුදා නායකයන්ගේ අවසන් කටයුතු අද

ඉන්දීය හමුදා නායකයන්ගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ තවත් 12 දෙනෙකුට ඉන්දීය අගමැති මෝදි අවසන් ගෞරව දක්වා තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ හමුදා ප්‍රධානීන් තිදෙනා හෙලිකොප්ටර් යානා අනතුරෙන් ජිවිතක්ෂයට පත්වූ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ මධුලිකා රාවට් සහ සන්නද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනාට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

තමිල්නාඩුවේ කුනූර් අසලදී හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ජෙනරාල් බිපින් රාවට්ගේ සහ තවත් හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගේ අවසන් කටයුතු අද(10) පූර්ණ හමුදා ගෞරව සහිතව දිල්ලියේදී සිදු කිරීමට නියමිතයි.

https://bit.ly/3ECGzp7