අද සිට 30 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත

අද සිට 30 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත

අද (10) සිට දිවයින පුරා අවුරුදු 30 ඉක්මවූ පුරවැසියන්ට වර්ධක බූස්ටර් මාත්‍රාවක් ලෙසට ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

එමෙන්ම එන්නත් වැඩසටහනේ පරිපාලලනය, පළාත් බලධාරීන්ට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇත්තේ.

ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සයිනොෆාම්, මොඩර්නා සහ ෆයිසර් යන කුමන හෝ එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් හට තෙවන මාත්‍රාව ලෙස එම බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ.