බිරිඳ සමගින් අවසන් ගමන් යන ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා.

බිරිඳ සමගින් අවසන් ගමන් යන ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා.

හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරිඳ මධුලිකාගේ අවසන් කටයුතු සිකුරාදා දිල්ලි හිදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ වනවිට ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ලොව නන් දෙසින් ගෞරවාචාර ගලා එන බවද සඳහන් වනවා

දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේදී හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ඉන්දියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් 11 දෙනෙකු ඊයේ (08) ජීවිතක්ෂයට පත්වුණා

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 63ක්.

මේ අතර ANI ප්‍රවෘත්ති ඒජන්සිය තමිල්නාඩුවේ කුනූර් අසලදී හෙලිකොප්ටරය කඩා වැටීමට මොහොතකට පෙර ප්‍රදේශවාසීන් විසින් රූගත කර තිබෙන වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර තිබෙනවා.

වීඩියෝව මෙතැනින් නරඹන්න