කොවිඩ් එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීමට නව නීති.

කොවිඩ් එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීමට නව නීති.

කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන කොවිඩ් එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්යය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ කොවිඩ් රෝගය හමුවේ මේ වන විට මුළු ලෝකයම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් මත රට විවෘත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අපත් ඒ ක්‍රමයටම අනුගත වීම කළ යුතු බවත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කරනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 757ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 569,928ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව දැක්වූණේ 11,928ක් ලෙසයි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,533ක දක්වා ඉහළ ගියේ, ඊයේ මෙරටින් වාර්තා වූ මරණ 28ත් සමඟයි.