දෙහිවල උපන් කලු හංස පැටවුන්

දෙහිවල උපන් කලු හංස පැටවුන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනකු දැක බලා ගැනිමට අවස්ථාව මේවන විට ලබා දී තිබෙනවා.

මෙම සත්ත්වයන් ඕස්ට්‍රේලියාවේ නිජබිම කරගත් විශේෂයක් වන අතර පසුගිය මාර්තු මස 22 වන දින මෙරට දී උපත ලබා තිබුණා.
කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි.

පිරිමි සතුන් තිදෙනකු සහ ගැහැණු සතුන් දෙදෙනකු මේ අතර සිටින අතර කලු හංස ධේනුව නැවතත් බිත්තර හතරක් රකිමින් සිටින බවයි සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කළේ.

📷:Nadeera Udayanga