තවත් මුරලිදරන් කෙනෙක් හෝ රංගන කෙනෙක් වෙන්න මට උවමනාවක් නෑ – වනිදු හසරංග (වීඩියෝ )

තවත් මුරලිදරන් කෙනෙක් හෝ රංගන කෙනෙක් වෙන්න මට උවමනාවක් නෑ – වනිදු හසරංග (වීඩියෝ )

තමන්ට මීළග මුරලිදරන් හෝ රංගන හේරත්වීමට කිසිදු උවමනාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක වනිදු හසරංග පවසයි.

හසරංග මේ බව පැවසුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබදව අදහස් දකිවමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හසරංග මෙලෙස පැවසීය.

“මම පන්දු යවනකොට හැමවෙලාවෙම උත්සහ කරන්නේ කඩුලු ලබා ගන්න. මම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනකොට මම හැමවිටම මගේ උපරිමය කරන්න උත්සහ කරනවා,මම හිතන්නේ ඒක තමා මගේ සාර්ථකත්වයට හේතුව.

මට මුරලිවත්,රංගන හේරත්වත් වෙන්න උවමනා නැහැ, මට උවමනා හසරංග කෙනෙක් වෙන්න. ගොඩක් තරුණ ක්‍රීඩකයන් LPL තරගාවලිය ක්‍රීඩා කරනවා.

මං හිතන්නේ මේක තමා හේතුව පසුගිය අවුරුදු කිහිපයට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු වීමට හේතුව. මේ වගේ තරගාවලි අපිට ගොඩක් වටිනවා”