ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි – 4ක් ජිවිතක්ෂයට

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි – 4ක් ජිවිතක්ෂයට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී මෙම හෙලිකොප්ටරය කඩා වැටී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.

කෙසේවෙතත්  ජෙනරාල් බිපින් රාවට්ගේ තත්ත්වය පිළිබඳ  තොරතුරු කිසිවක් මේ වනතුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර නැහැ.

https://bit.ly/3DEbaBk