සපුගස්කන්ද ආයෙත් දැල්වේ.

සපුගස්කන්ද ආයෙත් දැල්වේ.

දින 50කට තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් පිරිපහදුව පසුගිය මස 15 වැනි දා සිට තාවකාලිකව වසා දැමුණා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා මෙටි්‍රක් ටොන් 90,000ක බොරතෙල් රැගත් නෞකාවක් ද පෙරේ දා දිවයිනට පැමිණි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අදාළව ඊයේ මූලික කටයුතු ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ