බොලිවුඩ් නිළි ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් කරයි.

බොලිවුඩ් නිළි ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් කරයි.

ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවක බරපතල සැකකාරියක බවට (5) පත්වූ අතර ඇයට රටින් පිටවයාමද අධිකරණය මගින් තහනම් කරන ලදි.

මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාළව ඇයගේ නම නම ඈඳී තිබීම නිසා මෙලෙස රටින් පිටව යෑමට ඉඩ දී නොමැති බව යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ජැකලින් ෆර්නැන්ඩස් ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා (5) ඉන්දියාවෙන් පිටව යාමට මුම්බායි ගුවන් තොටුපළට පැමිණි නමුත් එරට ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ඇයට රටින් පිටව යෑම තහනම් කරමින් පනවා ඇති නියෝග මත ආගමන විගමන නිලධාරීන් විසින් එම ගමන වළක්වා ඇත.

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ දී ප්‍රශ්න කිරීම සඳහා ඇය අවශ්‍ය විය හැකි බැවින් රටින් පිටව නොයන ලෙස ආගමන විගමන නිලධාරීන් විසින් ඇයට එම අවස්ථාවේ දී දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

https://bit.ly/3EzjB22