ප්‍රියන්ත කුමාරගේ පවුලට මුදල් ප්‍රදානයක් (වීඩියෝ )

ප්‍රියන්ත කුමාරගේ පවුලට මුදල් ප්‍රදානයක් (වීඩියෝ )

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුණි