වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින්  ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් 2021 ඔක්තෝබර් මස 19 වන දින අළුයම යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 601 ග්‍රෑම් 150 ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ අනුව එම වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.