පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතුයි

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දි කතෝලික ජනතාවට සාධාරණ ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තම දේශපාලන ජිවිතයේ කනගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබදව විශාල වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

විසදුමට ජවයක් නව ඇරඹුමකට සවියක් යන තේමාව යටතේ පොළොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මියගිය තුවාල ලැබු සියලු දෙනාට සාධාරණත්වය ඉටුවිය යුතුය යන්න තමාගේද ස්ථාවරය බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.