නයිට්‍රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

අජන්ත කුමාර අගලකඩ

මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය.

එහි පළමු දියර පොහොර තොගය හෙට (19) දිනයේ දී ගුවනින් ගෙන්වීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව මෙම පොහොර තොගේ ආනයනය කෙරේ .

මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ නවයකට ප්‍රාණවත් වන පරිදි මෙම නැනෝ නයිට්‍රජන් පොහොර තොගය ආනයනය කෙරෙනු ඇත .