හිස මතට ගසක් කඩා වැටීමෙන් දරුවෙකු මරුට

හොරොව්පතාන හොරවැව ප්‍රදේශයේ වෙල්යායක් අසල නවතා තිබූ ට්‍රැක්ටරයක සිටි දරුවෙකුගේ හිස මතට ගසක් කඩා වැටීමෙන් එම දරුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පතාන දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකි.

මියගිය දරුවා සිය ඥාති සොහොයුරෙකුගේ ට්‍රැක්ටරයකින් ඊයේ (16) පෙරවරුවේ මොරවැව හේන් යායට පැමිණ ඇත්තේ සීසාන ආයුරු බලා සිටීමට බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ඒ ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් ඔහුගේ හිස මතට කඩා වැටී ඇත.

ඉන් බරපතළ තුවාල ලැබූ දරුවා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

COMMENTS