හදිසි නීතිය: ”සීනි මිල සහ සහල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද ?”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ඡන්ද 81කින් සැප්තැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 51කි.

විපක්ෂය පවසන්නේ අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර සැපයුමට පවතින නීති ප්‍රමාණවත් වන බවය. එබැවින් මෙය මර්දනය සඳහා යොදා ගැනීමේ අවදානමක් ඇති බව ඔවුහු පවසති.

එහෙත් ආණ්ඩු පක්ෂය පවසන්නේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට පවතින නීති බාධාවක් බැවින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

COMMENTS