වාර්තා බිඳ දමන කොරියානු කතා මාලාව ‘Squid Game’

Squid Game (ස්කුයිඩ් ගේම්) නෙට්ෆ්ලික්ස් හි මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු නාට්‍ය මාලාව බවට පත්ව ඇත. මෙය සිදුවන බව අප සැම දෙනාම දැන සිටිය නමුත් දැන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.

නාට්‍ය මාලාවේ එක් කොටසක් අවම වශයෙන් මිනිත්තු දෙකක් නැරඹූ ඕනෑම අයෙකු මෙම නෙට්ෆ්ලික්ස් දත්තවලට ඇතුළත් වේ.

කොරියාව, ගිනිකොනදිග ආසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙනුවෙන් සිටින නෙට්ෆ්ලික්ස් හි උප සභාපතිවරයා පවසන්නේ මෙම ප්‍රසංගයේ සාර්ථකත්වය “අපේ නපුරු සිහින වලින් ඔබ්බට ගිය” බවය.

“අපි මුලින්ම කොරියානු කතා මාලා සහ චිත්‍රපට සඳහා ආයෝඡනය කිරීම ආරම්භ කළේ 2015 දී. අපි දන්නවා ආසියාවේ සහ ලොව පුරා සිටින කොරියානු නාට්‍ය රසිකයින් සඳහා ලෝක මට්ටමේ කතා නිර්මාණය කරන්න අපට අවශ්‍ය බව,” මිනොං කිම් සීඑන්එන් වෙත පුවත් වෙත පැවසීය.

“අද, Squid Game නපුරු සිහින වලින් ඔබ්බට ගිහින් තිබෙනවා.”

සමාජයේ සිටින යම් නොගැලපෙන කණ්ඩායමක් ළමා ක්‍රීඩා මාලාවකට සහභාගී වීමක් වටා ගොතා ඇති මෙම කතාව කොටස් නවයකින් යුතු අතර, සැප්තැම්බර් මාසයේදී ආරම්භ වී තිබේ.

ජයග්‍රාහකයන් සඳහා කොරියන් වොන් බිලියන 45.6 ක (රුපියල් මිලියන 7,713.7) ත්‍යාගයක් ඇතත්, එහි බැරෑරුම්කම තේරෙන්නේ පරාජිතයන්ට මරණය අත් වීමත් සමගය.

කීර්තිමත් පුද්ගලයින්ගේ සිට ක්‍රීඩා තරු දක්වා සෑම පුද්ගලයෙක්ම Squid Game කතා මාලාව ගැන අදහස් පළ කර තිබේ.

කතා මාලාවේ නළු නිළියන් ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති අතර, Sae-byeok ලෙස රඟපාන Jung Ho-yeon සැප්තැම්බර් 17 ආරම්භ කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට අනුගාමිකයින් මිලියන 14 ක් සිටින බව ‘ෆෝබ්ස්’ සඟරාව පවසයි.