” බිකිනි අඳින්න ඇඟ හදා ගන්න දවසට පැය හයක් ජිම් එකේ ඉන්නවා….” නිලූ ටනාෂා

ටනාෂා කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම බලාපොරොත්තු නොවුණ විදිහට සාර්ථක කර ගත්ත නිහතමානී චරිතයක්.  ජිවිතේ ගමනක් එන්න ඕනම කෙනෙක් සෑහෙන්න කැපකිරිම් කරනවා. සමහර විට ටනාෂාද එසේ වන්නට පුලුවන්.

 රොෂාන් ඩයස් යටතේ අවුරුදු දහයක පමණ කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් වු ඇය, මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලෙන් රංගනය පිලිබද හැදෑරිම් සිදුකර තියනවා. සේද මාවත චිත්‍රපටයේ මුස්ලිම් චරිතයකට පණ පොවමින් ඇය සිය ජිවිතේ රංගන ගමන ආරම්භ කළා. නවක ශිල්පිනයක් වුවත් අය කැපවීමෙන් සිය කටයුතු කළේ ප්‍රවීණයන් හා එකතුවයි.

ටනාෂා මේ වනවිට ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබාදී තිබෙනවා. 

ඇය මෙම ක්‍ෂේත්‍රය ගැන කියන්නේ මේ වගේ කතාවක්……

 “මම කියන්නේ කාට වුණත් හොඳ හැදෑරීමක් ඇතිව නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා. මේ ක්‍ෂේත්‍රය අගාදයට ඇද දමන්න එපා. මොකද අපිට පසුව එන පිරිසටත් අපි මෙය රැකලා දිය යුතුයි. අපි මේ ක්‍ෂේත්‍රයට ආවෙත් අපිට වඩා වැඩ කරපු ප්‍රවීණ නිරූපිකාවන් වැදගත් විදියට කටයුතු කරපු නිසා. අපිටත් ආශාවක් ඇතිවුණා නිරූපණයට සම්බන්ධ වෙන්න ඒ නිසා…….”

නිරූපිකාවක් විදියට පැජන්ට් තරඟ වලට බිකිනි අඳින්න සිද්ද වෙනවා. නමුත් ලංකාවේ මේ පිලිබඳ තියෙන්නේ තරමක් අසුබදායි මතයක්. ඒ ගැන ටනාෂා කියන්නේ මේ වගේ කතාවක්…..

” පිටරටක බිකිනි ඇඳලා ෆැජන්ට් කරනවා කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ අපි කවුරු හරි බිකිනි ඇන්දොත් එය බලන්නේ වැරැදි විදියට. ඇත්තටම බිකිනි අඳින්නේ අපේ සිරුරේ හැඩය බලන්න. මමත් ගොඩක් ෆැජන්ට්වල බිකිනි අඳිනවා. මම සිරුර හදාගන්න ජිම් එකේ පැය හයකට වඩා මහන්සි වෙනවා. අහාර පාලනය කරනවා. මම ආස දේවල්වත් මම කන්නේ නෑ. ඒ වගේ කැපකිරීම් කරලා මම මහන්සි වෙන්නේ මගේ රටට ගෞරවයක් හිමිකර ගන්න. පැජන්ට් එකකින් දින්නාම කාටද ආඩම්බර. අපේ රටට. මොකද ලෝකෙම දැනගන්නවා ලස්සන කෙල්ලෝ ඉන්නේ ලංකාවේ කියලා. ඒත් අපේ රටේ ඒ තත්වේ වෙනස්. බිකිනියක් ඇන්දොත් ඒ නිරූපිකාව ගැන ලොකුවට කතා වෙනවා. වැරදි වැඩ කරන ගැහැණියක් කියලා සමාජය ඇය හංවඩු ගහනවා. හැබැයි මේ හැමදේම වෙන්නේ ලංකාව තුළ පමණයි. මේකට ප්‍රධාන හේතුව අපේ මිනිස්සු තවම හිතන්නේ ගල් යුගයේ විදියට. මම විදේශගත වෙලා බිකිනි ඇඳලා ෆැජන්ට් කිහිපයක්ම ජයග්‍රහණය කළා. ඉතින් මම හිතන්නේ නෑ බිකිනි ඇන්දා කියලා හැමෝම ඒ ගැන කතා කල යුතුයි කියලා…….”